පාසලේ ඉතිහාසය

පාසලේ සිදු වූ විශේෂ සිදුවීම්.
1923
  • ගාල්ලේ පළමු බිෂොප් ලෙස පත් වූ ජෝසප් වෑන්රිත් විසින් ජේසු බිළිඳාගේ කන්‍යාරාම් දේවස්ථානය, ළමා නිවාසය, නේවාසිකාගාරය හා පාසල් ගොඩනැගිලි ඉදි කිරීම.  

1924

  • සැප්තැම්බර් 30 වෝල්ටර් කන්‍යාසොයුරිය , තිබස් කන්‍යාසොයුරිය, ගෙත්සමනි කන්‍යාසොයුරිය, විග්බර්ටි කන්‍යාසොයුරිය යන් කන්‍යාසොයුරියන් දේවස්ථානයට පැමිණීම.
  • එවකට මිශ්‍ර පාසලක්ව තිබූ රත්නපුර ඇලෝසියස් විද්‍යාලයෙන් ගැහැණු ළමුන් 30ක් හා තවත් ළමුන් 39 දෙනෙකු බඳවාගෙන කන්‍යාරාමය පාසලක් ලෙස ඉංග්‍රීසි අධ්‍යාපනයෙන් ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීම.
  • ජේසු බිළිඳාගේ කන්‍යාරම පාසලේ පළමු විදුහල්පතිනිය ලෙස ගෙත්සෙමනි කන්‍යාසොයුරිය සේවය කල අතර, එම පාසලේ ආදර් ශ පාඨය "one hart & one soul" විය.


1925

  • සැප්තැම්බර් 29 දිනට ළමුන් සංඛ්‍යාව 132 දක්වා වැඩි වී තිබුනි, එවකට ව්දුහල්පතිනිය වූ තිබස් කන්‍යාමවු තුමිය ඉහල පන්ති ආරම්භ කරන ල්දී. ප්‍රධාන ආචාර්යතුමිය ලෙස ගෙත්සමනි කන්‍යා සොයුරිය පත් විය.


1926

  •  ජනවාරි 11 දින සිංහට පාසල හා කර්මාන්ත පාසල ආරම්භ කරන ලදී.


1927

  • මාර්තු 14 වන දින සීනියර් කෙම්බ්‍රිජ් විභාගය සඳහා සිසුන් සූදානම් කරන ඉහල ශ්‍රේණියේ පාසලක් ලෙස ලියාපදිංචි කරන ලදී.


1928

  • ජනවාරි 13 වන දින විටෙක පාසලක් ලෙස ලියාපදිංචි කළ අතර ඉගෙනුම ලැබූ සිසුන් සංඛ්‍යාව දෙසීයක් පමණ විය ඉන් එකසිය පහළොවක් නේවාසිකව ද හැත්තෑවක් ළමුන් ළමා නිවාසයේ ද වූහ


1934

  • ජනවාරි 9 වන දින බාලදක්ෂිකාවන් 14 දෙනකු පාසල තුළදී පදක්කමක් වැළඳ බාලදක්ෂිකා ව්‍යාපාරය ආරම්භ කරන ලදී.


1941
ජූනි තුන්වන දින පාසලේ සිසුන්;

  • 1. කැරිටාස් නිවාසය     --->  "Love is Service" (සෙනෙහසේ සේවය)
  • 2. ලූර්දු නිවාසය           --->   "Faithful and True"  (හිතවත් සත්‍යවාදී)
  • 3. ජෝසප් නිවාසය      --->   "Unity is Strength"   (උත්සාහයෙන් ජයගනී)
  • 4. තෙරේසා නිවාසය    --->  "Strive and Archive"  (උත්සාහයෙන් ජයගනී)   

                                                 යනාදී ආදර්ශ පාඨ රැගත් නිවාස හතරකට වෙන් කරන ලදී.

1942

  • අප්‍රේල් 17 විෂයමාලාවට ආත්මාරක්ෂක ක්‍රම ඇතුළත් කරන ලදී. එවකට දෙවන ලෝක යුද්ධය පැවති නිසා මෙම පුහුණු වලට කන්‍යාරාම සිසුවියන් සහභාගී කරවන ලදී.


1945

  • ඔක්තෝබර් පළමු වනදා පහල බාලාංශය හා 2 හා 3 ශ්‍රේණි වල සිසුන්ට තම මව් භාෂාවෙන් ඉගැන්වීම ආරම්භ කරන ලදී. ( සිංහල හා දෙමළ භාෂාවලින්)


1949

  • ඔක්තෝබර් 2 දින පාසලේ 25වන සංවත්සරය සමරන ලදි.
  • ඔක්තෝබර් 2 දිනයේදී ආදි ශිෂ්‍ය සංගමය ආරම්භ කරන ලදී.


1954

  • ජුනි 29 වන දින පාසලට නව ගොඩනැගිල්ලක් සෑදීමට බෙල්ජියමෙන් අවසර ලැබුණි.


1957

  • නව ගොඩනැගිල්ල විවෘත කරන ලදී.


1958

  • සැප්තැම්බර් 25වෙනි දින අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ කලා අංශය ආරම්භ කිරීමට අවසර දෙන ලදි.


1959

  • 1959 ජනවාරි 5වන දින ගෘහ විද්‍යා අංශයක් ආරම්භ කිරීමට අවසර ලැබුණි.
  • 1959 ඔක්තෝබර් 1 වන දින අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විද්‍යා විෂය ධාරාව හා පුස්තකාලයක්  ආරම්භ කිරීමට අනුමැතිය ලබා දෙන ලදී.



1960

  • දෙසැම්බර් 1 වන දින ජේසු බිලින්දාගේ කන්‍යාරාමය පාසල රජයට පවරා ගන්නා ලදී.


1961

  • ජනවාරි 4 වන දින රජයේ පාසලක් ලෙස නම් කෙරුණි. ළමුන් හා ගුරුවරු ජනවාරි 6 දින ජේසු බිළින්දාගේ කන්‍යාරාමය රජයේ පාසලට පැමිණුනි.
  • මැයි 12 වන දින "ගුරු දෙගුරු" සංගමය ආරම්භ කෙරුණි.


1974

  • ජනවාරි 1 වන දින එවකට සිංහල පාසල හා ඉංග්‍රීසි පාසල වශයෙන් වෙන්ව පැවැති කොටස් එකතු කර රජයේ පාසලක් ලෙස ර/ ජේසු  බිලින්දාගේ කන්‍යාරාමය පාසල නමින් හැඳින් වීම ආරම්භ විය.
  • සැප්තැම්බර් 27 දින සිට 30 දින දක්වා පනස් වන සංවත්සරය සමරන ලදි.


1976

  • ජනවාරි 1 වන දින විදුහල්පති ධූරය හෙබවූ අවසාන කන්‍යා සොයුරිය වන ෆ්‍රැන්සිස් සේවියර් කන්‍යා සොයුරිය විදුහල්පති ධූරයෙන් විශ්‍රාම යන ලදී.
  • ජනවාරි 9 වන දින නව ගිහින් විදුහල්පතිනිය ලෙස D.W.D.T. ද  සිල්වා මහත්මිය වැඩ භාරගන්නා ලදි.


1995

  • මාර්තු 24 වන දින එවකට අධ්‍යාපන අමාත්‍ය ධූරය හෙබවූ රිචඩ් පතිරණ මැතිතුමා විසින් ර/ ජේසු බිලින්දාගේ කන්‍යාරාමය පාසල, "ර/ ජේසු බිලින්දාගේ කන්‍යාරාමය ජාතික පාසල" ලෙස නම් කරන ලදී.


1998

  • සැප්තැම්බර් 30 වන දින රාත්‍රී 12 ට 75වන සංවත්සරය සමරන ලදි.


2014

  • නොවැම්බර් මස සිට වර්තමාන විදුහල්පතිනිය වන  ජී. ජී. සන්ධ්‍යා ප්‍රියදර්ශනී මහත්මිය පාසලේ පරිපාලන කටයුතු සිදු කරයි.



පාසලේ සිටි විදුහල්පති වරුන්.
1924 - 1936              ---->     ගෙත්සමනී දෙලනායේ කන්‍යා සොයුරිය
1936 - 1954              ---->     කොන්ලෙන් මැක් ස්විනි කන්‍යා සොයුරිය 
1954 - 1966              ---->     ජෝන් කන්‍ය සොයුරිය
1966 - 1976              ---->      ෆ්‍රැන්සිස් කන්‍යා සොයුරිය
1976 - 1989              ---->      G.W.D.T ද සිල්වා මිය   
1989 - 1991              ---->      G. විමලරත්න මිය
1991 - 1992              ---->      S. ප්‍රේමදාස මිය
1992 - 1999              ---->      R. R. රාජපක්ෂ මිය
1999 - 2000              ---->      J. N. කත්‍රිආරච්චි මිය
2000 - 2012              ---->      J. T. S. පුෂ්පලතා මිය
2012 - 2014              ---->      M.V. A. L. ගුණරත්න මයා
2012  සිට                   ---->      J. J. සන්ධ්‍යා ප්‍රියධර්ශනී මිය    



No comments:

Post a Comment